මෙහෙයුම් පුවත්

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් (05) කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙතත් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, අද දින උදෑසන (2023 ජුනි 06) එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව කටයුතු කෙරිණි.

06 Jun 2023