මෙහෙයුම් පුවත්
ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින උදෑසන (2023 ජුනි 07) සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව බේරා ගැනීමටත්, එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කෙරිණි.
07 Jun 2023
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 06 වන දින දිවා කාලයේ දී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සහ ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jun 2023


