මෙහෙයුම් පුවත්
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 15 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකල ධීවරයින් හතර (04) දෙනෙකු සහ ඩිංගි යාත්‍රා හතරක් (04) නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Jun 2023
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ 2023 ජුනි මස 15 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය විසිනවයකට (729) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Jun 2023


