මෙහෙයුම් පුවත්
බීඩි කොළ කිලෝග්රෑම් 606 ක පමණ තොගයක් කල්පිටිය ප්රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවට අයත් මට්ටතිව් දූපත ආශ්රිතව 2023 ජුලි මස 24 වන දින රාත්රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් 606 ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Jul 2023
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 24 වන දින රාත්රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Jul 2023


