මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 02 වන දින ත්රිකුණාමලය, මදුරන්කුඩා මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Sep 2023
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 660 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්රෑම් හයසිය හැටකට (660) අධික තොගයක් රැගත් ලොරි රථයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
04 Sep 2023


