ශ්රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 03 වන දින රාත්රී කාලයේ ත්රිකුණාමලය ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.