මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 නොවැම්බර් 03 මස වන දින සවස් කාලයේ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ දෙකයි (02) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05), ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Nov 2023
නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.
04 Nov 2023


