මෙහෙයුම් පුවත්
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ අද දින (2023 නොවැම්බර් 09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශය ඔස්සේ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති පන්ලක්ෂ හැත්තෑ දහසක (570,000) තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Nov 2023
ජා ඇළ ප්රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත බස්නාහිර පළාතට ඇද හැලෙන අධික වැසි හමුවේ, ‘ජා ඇළ’ පිටාර ගැලීම හේතුවෙන් ජා ඇළ, බණ්ඩිගොඩ ප්රදේශයේ 2023 නොවැම්බර් මස 08 වන දින ඇතිවූ ජල ගැලීමෙන් පීඩාවට පත් එම ප්රදේශයේ ජනතාවට සහන සැලසීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.
09 Nov 2023


