අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රථිපලයක් වශයෙන්, ෂීසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අද දින (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්විය.