ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ, මූතුර් උප්පාරු මුහුදු ප්‍රදේශයේ, මුලතිව් නයාරු කළපු ප්‍රදේශයේ සහ පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හත් දෙනෙකු (17) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.