ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ නෝර්වේ දූපතේ 2024 අප්‍රේල් මස 28 වන දින දිවා කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ගරා වැටුනු ගොඩනැගිල්ලක බටයක් තුළ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දෙකක් (02), විදුලි නොවන ඩෙටනේටර්යක් (01), සෙන්ටිමීටර් 25 ක් දිග සේවා නූලක් (01) සහ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් (150) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.