මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති 1440 ක තොගයක් සමඟ සැකකරුවෙක් මඩකලපුවේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, මඩකලපුව කල්ලඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මැයි මස 11 වන දින මඩකලපුව ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හතලිහක (1440) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ මෝටර් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
12 May 2024
නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්පිටිය, ආලන්කුඩා ප්රදේශයේ 2024 මැයි මස 11 වන දින සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබා ගත් රත්රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
12 May 2024


