මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 338 ක පමණ තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 May 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 29 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; කිලිනොච්චිය, චුන්ඩිකුලම් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙහි 2024 මැයි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිනව දෙනෙකු (29) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11), මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය දහයක (210) පමණ ප්‍රමාණයක්, නීති විරෝධී ධීවර ආම්පන්න සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 May 2024
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර, පන්ඩරවේලී වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 14 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, ප්‍රවාහනය සඳහා සූදානම් කල නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්දහස් පන්සියයක පමණ තොගයක් (3500) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 May 2024


