මෙහෙයුම් පුවත්

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින්, එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවති.

02 Jun 2024

දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදා මඟින් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් මුදවා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනා (06), අද දින උදෑසන (2024 ජුනි 02) ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

02 Jun 2024

අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පුවක්පිටිය, පාලින්දනුවර හා වැලිපැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස හා පනාදුගම යන ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුනි මස 01 වන දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.

02 Jun 2024