මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 28 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් ආම්පන් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 ජුනි 05) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැත්තෑවකට (70) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ආවේක්ෂණ සහයෝගයද සහිතව කල්පිටිය ඒත්තාලේ එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Jun 2024
නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 05) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් තුන්සිය දහසය දෙනෙකු (316) ආරක්ෂිතව මුදාගැනීම සහ පුද්ගලයන් දෙදහස් හත්සියයකට (2700) අධික පිරිසකට එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම සිදු කෙරුණු අතර, ආපදා සහන කණ්ඩායම් පනස් නවයක් (59) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.
05 Jun 2024


