මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව; කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය තාලයඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුනි 13) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට (273) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
13 Jun 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Jun 2024


