මෙහෙයුම් පුවත්
නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනී
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400 ක් පමණ දුර ( කිලෝමීටර් 740 ) ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින සන්ධ්‍යවේ (2024 ජුනි 14) ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි. මෙම බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 150 ක් පමණ තිබෙන බවට සැක කෙරෙන අතර, නාවික හමුදාව විසින් යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් මේ වන විට පරීක්ෂා කරමින් පවතී.
14 Jun 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, වතිරායන් සහ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 13 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Jun 2024


