මෙහෙයුම් පුවත්

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නෞකාවෙන් රැගෙන ආ “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව වෙත ලබා ගනියි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එලෙස මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) ගෙන් එක් අයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත්ව ඇත. අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත අද දින (2024 ජුනි 30) සන්ද්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා ගැනීමට කටයුතු කෙරිණි.

30 Jun 2024