ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, මන්නාරම වංකාලේ ප්රදේශයේ අද දින (2024 ජුලි 08) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් දෙදහස් අටසියය අසූ අටක (2888) පමණ තොගයක් ප්රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ කැබ් රථයක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.