මෙහෙයුම් පුවත්
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 355 කට අධික තොගයක් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2024 ජුලි මස 08 වන දින සහ අද දින (2024 ජුලි 09) කල්පිටිය කලපුවේ පෙරිය අරිච්චාල් දූපතේ සහ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් තුන් සියය පනස් පහකට (355) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
09 Jul 2024
පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල සැකකරුවන් 05 ක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට
පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා 2024 ජුලි මස 07 වන දින දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
09 Jul 2024


