මෙහෙයුම් පුවත්
නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 778 ක පමණ තොගයක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුලි මස 17 වන දින සවස් කාලයේ පුත්තලම, වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ අටක (778) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Jul 2024
මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 ජුලි මස 17 වන දින ත්‍රිකුණාමලය, අභයපුර මංසන්ධිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය පනහක (350) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
18 Jul 2024


