ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව දඩුගම කලපුවේ 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.