ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය එරුමතිව් දූපතේ සහ එම මුහුදු ප්රදේශයේ 2024 ජුලි මස 26 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් එක්දහස් දෙසිය හැත්තෑ හයක (1276) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.