මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 අගෝස්තු 03) යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
03 Aug 2024
රුපියල් මිලියන 70 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 03) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එක්සීය හැත්තෑ හයකට (176) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Aug 2024
උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් ඉන්දීය නාවික හමුදාවට භාරදෙයි
යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ජූලි මස 31 වන දින සිදුකල මුදවාගැනිමේ මෙහෙයුම මඟින් මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව සිටි එක් (01) ධීවරයෙකුගේ මෘතදේහය, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.
03 Aug 2024


