මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිලාවතුර, පුතුකුඩිරිප්පු ප්රදේශයේ අද දින (2024 අගෝස්තු 13) උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය අසූ දෙකක (482) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
13 Aug 2024
බීඩි කොළ කිලෝ 2,689 ක් රැගත් ඉන්දීය ඩව් යාත්රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් 03 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් දෙදහස් හයසිය අසූ නවයක තොගයක් (2,689) (තෙත බර සහිත) රැගත් ඉන්දීය ඩව් යාත්රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙක් (03) 2024 අගෝස්තු මස 12 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Aug 2024


