මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 552 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ වෙරළ තීරය, මන්නාරමට ඔබ්බෙන් උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශය, ඩෙල්ෆ් දූපතේ උරිමුනායි හා වෙල්ලියල් සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්රදේශ ආශ්රිතව 2024 අගෝස්තු මස 25 සහ 27 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය පනස් දෙකකට (552) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Aug 2024
පුත්තලම කරඹ ප්රදේශයේදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලීසිය හා එක්ව 2024 අගෝස්තු මස 27 වන දින පුත්තලම කරඹ ප්රදේශයේ මාර්ග බාධකයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, බොලෙරෝ කැබ් රථයකින් ප්රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
28 Aug 2024


