ශ්රී ලංකා නාවික හමුදාව; පොලීසි හා එක්ව 2024 සැප්තැම්බර් මස 01 වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් එකක් (01) සමඟ සැකකරුවෙකු (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.