මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මීගමුව, කල්පිටිය සහ සිලාවතුර ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 07 වන දින සහ අද දින (2024 සැප්තැම්බර් 08) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි දෙකකට (1222) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ලොරි රථයක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.

08 Sep 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 සැප්තැම්බර් 07) දහවල් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු (14) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 Sep 2024