ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලීසිය හා එක්ව පුත්තලම කරඹ මාර්ග බාධකය අසලදී 2024 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් තුන්සීය හැත්තෑ එකක (371) පමණ තොගයක් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.