මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 37 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකාරියක් පලෙයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 සැප්තැම්බර් මස 15 වන දින චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ අනූ හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) තොගයක් සමඟ සැකකාරියක් (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

15 Sep 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 700 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 14 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සීයක (700) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

15 Sep 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 18 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව කිලිනොච්චිය, කල්පිටිය සහ ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයන්හි 2024 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ අට දෙනෙකු (18) සමඟ ඩිංගි යාත්‍රා නවයක් (09) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

15 Sep 2024