මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 21) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් තිස් හත් දෙනෙකු (37) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 506 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම සහ මන්නාරම වෙරළ ප්රදේශ ආශ්රිතව 2024 සැප්තැම්බර් මස 20 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය හයක (506) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Sep 2024


