මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, අද දින උදෑසන (2024 සැප්තැම්බර් 29) මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහත් දෙනෙකු (17) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Sep 2024
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 25 ක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, ත්රීකුණාමලය මුහුදු ප්රදේශයෙහි 2024 සැප්තැම්බර් මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි පස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Sep 2024


