මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනය, චාවකච්චේරි මනිත්තලේයිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව යාපනය, චාවකච්චේරි මනිත්තලේයි ප්‍රදේශයේදී 2024 ඔක්තෝබර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ පහළොවයි මිලි ග්‍රෑම් පනස් පහක (15.055) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2024