මෙහෙයුම් පුවත්
යාපනය නයිනතිව් දූපතේදී කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ ප්රදේශයේ 2024 ඔක්තෝබර් මස 24 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 2.065 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Oct 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්රෑම් 2,040 කට අධික තොගයක් පුත්තලම සහ නොරොච්චෝලේ ප්රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව මඟින් පුත්තලම කලපුව, පාලවිය සහ නොරොච්චෝලේ මුහුදු ප්රදේශයේ 2024 සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික (තෙත බර සහිතව) තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
25 Oct 2024


