මෙහෙයුම් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය, විදේශීය දුම්වැටි සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 01 වන දින පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් (08), විදේශිය දුම්වැටි තුන්සිය විස්සක් (320), ගෝඩා ලීටර් හාරසිය හතලිහක් (440) සහ නීති විරෝධී ලෙස සකස් කළ ස්ප්‍රීතු හා මත්පැන් ලීටර් සියයක් (100) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

02 Nov 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයෙහි 2024 නොවැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Nov 2024