ශ්රී ලංකා නාවික හමුදාව, ත්රීකුණාමලය කුච්චවේලි ප්රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්රදේශයේදී 2024 නොවැම්බර් මස 05 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.