මෙහෙයුම් පුවත්

ගැඹුරු මුහුදේ සිදු කල විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අද (2024 නොවැම්බර් 14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන අතර, එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.

14 Nov 2024

නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් පස් දෙනෙකු (05) මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Nov 2024