මෙහෙයුම් පුවත්
මත්පෙති 442,680 ක තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව 2024 නොවැම්බර් මස 14 වන දින කල්පිටිය මුසල්පිටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සඟවා තිබූ මත්පෙති හාරලක්ෂ හතලිස් දෙදහස් හයසීය අසූවක (442,680) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
15 Nov 2024
රුපියල් මිලියන 1650 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, උර හයක් තුල (06) පාර්සල් හැටක (60) අසුරා තිබූ, රුපියල් මිලියන 1650 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම අද (2024 නොවැම්බර් 15 දින) ගාල්ල වරායේදී සිදු කෙරිණි.
15 Nov 2024


