මෙහෙයුම් පුවත්

ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ දායකත්වය

අක්‍රීය තත්වයේ පැවති ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි.

26 Nov 2024

ධීවර දැලක පැටළුනු කැස්බෑවන් (07) ක් නාවික හමුදාව විසින් නිරූපද්‍රිතව සාගරයට මුදාහරියි

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර දැලක පැටලී සිටි කැස්බෑවන් හත් දෙනෙකු (07 ) ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව මඟින් නිරික්‍ෂණය කර, එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදා ගැනීමෙන් අනතුරුව නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි.

26 Nov 2024

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 26) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

26 Nov 2024