මෙහෙයුම් පුවත්

ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කටයු කෙරුණි. එහිදි එක් කණ්ඩායමක් විසින් අද දින (2024 නොවැම්බර් 27) චෙන්කලඩි, මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට කටයුතු කෙරිණි.

27 Nov 2024

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 27) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

27 Nov 2024