මෙහෙයුම් පුවත්
නාවික හමුදාව මඟින් මාතර, පොල්අතුමෝදර ගඟ හරහා ඉදි කර ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
මාතර, වැලිගම ප්‍රදේශයේ පොල්අතුමෝදර ගඟ හරහා ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් අද දින (2024 නොවැම්බර් 29) ක්‍රියාත්මක කෙරිණි.
29 Nov 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් දහසයක් (16) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 29) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
29 Nov 2024
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් මෙරට බහුදින යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් 2024 නොවැම්බර් මස 24 සහ 25 යන දිනයන්හීදී ඉන්දීය නාවික හමුදාව මඟින්, ඉන්දීය මුහුදු සීමාවේදි අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
29 Nov 2024


