මෙහෙයුම් පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 3380 ට අධික දළ විථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව (01) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙක් බහුදින යාත්‍රාව (01) සහ සැකකරුවන් පිරිස අද (2024 දෙසැම්බර් 02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ‍ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය කිරීම කොළඹ වරායේදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවෙ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් ද සහභාගී විය.

02 Dec 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 733 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය තිස්තුනක (733) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

02 Dec 2024