මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 75 කට අධික දළ විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව; අද දින (2024 දෙසැම්බර් 04) අළුයම යාපනය ගුරුනගර් ප්රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්රෑම් හාරසිය පනස්පහක (455) තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Dec 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, ත්රීකුණාමලය නිලාවේලි මුහුදු ප්රදේශයේ සහ පුන්නයඩි වෙරළ ප්රදේශයේදී 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුලදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ විදුලි ආලෝකධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්රා හතරක් (04) සහ ඔරුවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Dec 2024


