මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 50 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 126 ග්‍රෑම් 300 ක තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2024

හක් බෙල්ලන් 881 ක් සමඟ සැකකරුවෙක් ඩෙල්ෆ්ට් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, ඩෙල්ෆ්ට් දූපතේ තලෛයිතුරායි ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් අටසිය අසූ එක් (881) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 555 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මීගමුව කලපු ප්‍රදේශයේ සහ හැඳල මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් පහක (555) පමණ තොගයක් (තෙත බර සහිතව), සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට මෙලෙස කටයුතු කෙ‍රිණි.

07 Dec 2024