මෙහෙයුම් පුවත්

ශ්‍රිලංකා නාවික හමුදාව 2024 වර්ෂය තුල සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 28158 කට අධික දළ විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මත්පෙති නීතියේ රැහැනට හසුකර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුල (2024) සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 407 ක් සමඟ, රුපියල් මිලියන 28158 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කල භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය.

06 Jan 2025