මෙහෙයුම් පුවත්
හක් බෙල්ලන් 2137 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරාමුනේ ප්රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්රදේශයේදී 2025 ජනවාරි මස 14 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්රාවක් මඟින් ප්රවාහනය කරමින් තිබූ අනුමත ප්රමාණයට වඩා කුඩා හක් බෙල්ලන් ගණනින් දෙදහස් එකසිය තිස් හතක (2137) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jan 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්රෑම් 864 කට අධික තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්රදේශයේ 2025 ජනවාරි මස 13 වැනි දින රාත්රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් අටසිය හැට හතරකට (864) අධික තොගයක් සමඟ ඩිංගි යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jan 2025


