ශ්රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2025 ජනවාරි මස 15 වැනි දින අනුරාධපුරය, රඹෑව ප්රදේශයේදී සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති එකසීය හතලිස් පහක (145) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) රඹෑව ඉන්ධන පිරවුම් හල අසලදී නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.