මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එකසිය තිහක (130) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Jan 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1289ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය කීරමුන්දලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ, කීරමුන්දලම වෙරළ සහ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ නවයක (1289) තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), වල්ලම් යාත්‍රා දෙකක් (02), ට්‍රැක්ටර දෙකක් (02) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

21 Jan 2025

රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් යාපනය මණ්ඩතිව් සහ පල්ලෙකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පූනරීන්, පල්ලෙකුඩා වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි 20 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අටකට (108) අධික තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

21 Jan 2025