පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 24 වැනි දින මන්නාරම, ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට සහ ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ‍වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), විදුලි නොවන ඩෙටනේටර් දහයක් (10) සහ සේෆ්ටි ෆියුස් අඩි දෙකක් (02) ප්‍රවාහනය කළ සහ සඟවා තබා සිටි සැකකරුවන් දෙදෙනෙකු (02)සමඟ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව, 2025 ජනවාරි මස 24 වැනි දින මන්නාරම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට දී සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු යතුරු පැදියක් පරීක්‍ෂාවට ලක්කර, නීති විරෝධි ලෙස අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10) සමඟ එම සැකකරු (01) සහ යතුරු පැදිය (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. පසුව, ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් පරික්‍ෂා කිරීමේදී, එම නිවසේ සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් දහයක් (10) සහ සේෆ්ටි ෆියුස් අඩි දෙකක් (02) සමඟ තවත් සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, අවුරුදු 28ත් 36ත් අතර වයසේ පසුවන මන්නාරම තාල්වුපාඩු සහ ශාන්තිපුරම් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.