මෙහෙයුම් පුවත්

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 24 වැනි දින මන්නාරම, ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට සහ ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ‍වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), විදුලි නොවන ඩෙටනේටර් දහයක් (10) සහ සේෆ්ටි ෆියුස් අඩි දෙකක් (02) ප්‍රවාහනය කළ සහ සඟවා තබා සිටි සැකකරුවන් දෙදෙනෙකු (02)සමඟ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

25 Jan 2025

කේරළ ගංජා සමඟ සැකකාරියක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව අද (2025 ජනවාරි 25) අළුයම් කාලයේ පුත්තලම සින්නපාඩු කොට්ටන්තිව් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්‍රෑම් දෙසිය හතලිස් පහක (245) පමණ තොගයක් සමඟ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

25 Jan 2025

නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක තොගයක් සහ වියළි කහ කිලෝ ග්‍රෑම් 1231ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජනවාරි මස 24 වැනි දින කල්පිටිය කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ තෝරයඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක පමණ තොගයක් සහ වියළි කහ කිලෝග්‍රෑම් 1231ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Jan 2025